
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපේක්‍ෂකයකු ඉදිරියේ ‘X’ ලකුණ යොදන ඡන්දදායකයන්ට දෙවැනි මනාපයක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.
‘X’ ලකුණ සටහන් කර අංක 2 හෝ 3 වශයෙන් තවත් දෙදෙනෙකුට මනාප ලකුණු කරන ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කරන බව ඔහු පැවසීය.
ඡන්ද හිමියන්ට තම මනාපය පෙන්වීමට යොදාගත හැකි වන්නේ අංක 1 සහ 2 හෝ 3 යන ඉලක්කම් පමණි.
‘X’ ලකුණ සහ අංක 1 හෝ 2 හෝ 3 සහිත ඡන්ද පත්‍රිකා ද ප්‍රතික්ෂේප කරනු ලැබේ.
අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සඳහා අංක ‘1’ හෝ ‘X’ ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ද ප්‍රතික්ෂේප කරනු ලැබේ.
අංක 2 සහ 3 පමණක් සලකුණු කර ඇත්නම් සහ අංක ‘1’ සලකුණු කර නොමැති නම් එම ඡන්ද පත්‍රිකා ද ප්‍රතික්ෂේප වෙයි.
1, 2, 3 සහ 4 හෝ ඊට වැඩි ගණනක් සලකුණු කළහොත් ඒවා ද ප්‍රතික්ෂේප කරනු ලැබේ.
කුමන හේතුවක් නිසා හෝ ඡන්ද කාඩ්පතක් නොමැති ශ්‍රී ලංකා ඡන්දදායකයන්ට තමන් ලියාපදිංචි වී ඇති ඡන්ද මධ්‍යස්ථානය දන්නේනම් ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර එහිදී තම අනන්‍යතාව ඔප්පු කළ යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart