
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආන්දෝලනාත්මක ඉරිදා ධර්ම දේශනාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම පොලිසියට වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනුකළ රිට් පෙත්සම සැප්තැම්බර් 21 වැනිදා දක්වා අභියාචනාධිකරණය අද කල්තබනු ලැබීය.
මෙම පෙත්සම පවත්වාගෙන යෑම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විරෝධතා ගොනු කර ඇති බව අධිකරණයට දන්වා සිටියේය.
එහිදී මෙම නඩුව සැප්තැම්බර් 21 වැනි දින කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.
වෙනත් ආගම්වලට අපහාස කිරීම සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291B වගන්තිය හා 2007 56 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති (ICCPR) පනතේ 03 වැනි වගන්තියඋල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් දේවගැති ජෙරොම්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇත.
2023 මැයි මස 18 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ජෙරොම් ප්‍රනාන්දු විශාල පිරිසක් අමතා අනෙකුත් ආගම්වලට විශේෂයෙන්ම බුදුදහම, හින්දු සහ ඉස්ලාම් ආගමට අවමන් වන ආකාරයේ ප්‍රකාශ රැසක් කර ඇති බවට චෝදනා එල්ල වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart