
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව වයස්ගතම සුනඛයා ලෙස සැළකෙන බොබී වයස අවුරුදු 31 දී මියගොස් ඇත.
පසුගිය ඔක්තෝබර් 20වැනි දින සත්ව රෝහලකදී බොබී මියගොස් තිබේ.
බොබී වයස අවුරුදු 31 දින 165ක් ජීවත් වූ අතර, සත්වයාගේ හිමිකරු ලියොනල් කොස්තා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ Conqueiros නම් පෘතුගීසි ගම්මානයේ මුළු ජීවිතයම ගත කර ඇත.
බොබී 2023 පෙබරවාරි 02 වැනිදා ලොව පැරණිතම සුනඛයා ලෙස ප්රකාශයට පත්කර තිබේ.
බොබි උපත ලබා ඇත්තේ, සහෝදර සහෝදරියන් සිව්දෙනකු සමගිනි.
කෙසේවෙතත්, ලියොනල්ගේ පවුලට ඒ වනවිටත් සතුන් වැඩි ප්රමාණයක් හිමි වූ නිසා, ඔහුගේ පියා අනෙක් සතුන්ව ළඟතබා නොගැනීමට තීරණය කර ඇත.
ලියොනෙල්ට අනුව, බොබි ජීවත් වූ “සන්සුන්, සාමකාමී” පරිසරය ඔහුගේ වාර්තාගත වයසට දායක වී තිබේ.
මීට අමතරව, බොබිට කිසි විටෙක දම්වැල් දමා හෝ බැඳ නොමැත.
බොබීගේ ආහාර වේලද ඔහුගේ දීර්ඝායුෂ සඳහා දායක වූ බව ලියෝනල් විශ්වාස කරයි.
බොබීට කෑම ලබාදීමට පෙර, රසකාරක ඉවත් කිරීමට ලියොනල් කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart