
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොවිඩ් වසංගතය වූහාන් නගරයෙන් ආරම්භ වී වසර පහක් ගතවීමෙන් පසු එහි මූලාරම්භය පිළිබඳ දත්ත නිකුත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලා තිබේ.
“මෙය සදාචාරාත්මක සහ විද්‍යාත්මක අත්‍යාවශ්‍යතාවකි” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, එය වැදගත් සංධිස්ථානයක සංවත්සරය ලෙසයි.
“රටවල් අතර විනිවිදභාවය, බෙදාගැනීම සහ සහයෝගීතාව නොමැතිව, අනාගත වසංගත සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් වීමට ලෝකයට නොහැක,” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
වෛරසය ස්වභාවිකව සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බව බොහෝ විද්‍යාඥයෝ සිතති.
එහෙත් එය වුහාන්හි රසායනාගාරයකින් පිටතට පැමිණි බවට ඇතැම් සැකයන් පවතී.
කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධනය නිකුත් කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා නැත.
එමෙන්ම චීනය මීට පෙර සිටම කොරෝනා වෛරසය වූහාන් හි රසායනාගාරයකින් කාන්දු වූ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
ඉකුත් සැප්තැම්බර් මාසයේදී විද්‍යාඥන් කණ්ඩායමක් කියාසිටියේ කොවිඩ් වසංගතය රසායනාගාර කාන්දුවකින් නොව වෙළඳපොළක අලෙවි කරන ආසාදිත සතුන්ගෙන් ආරම්භ වී ඇති අතර එය සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති බවයි.
2020 ජනවාරි මාසයේදී වුහාන් නගරයෙන් එකතු කරන ලද සාම්පල සිය ගණනක් විශ්ලේෂණය කිරීමෙන් පසුව ඔවුහු මෙම නිගමනයට පැමිණියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart