
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවලට සම්බන්ධ, අනුබද්ධ හෝ ප්‍රධාන වන අදානි (Adani) සමූහයේ සමාගම් කිහිපයක ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම(outlook) ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වයෙන් එකක් වන S&P Global Ratings විසින් ඍණාත්මක ලෙස කපාහැර ඇත.
අදානි සමූහයට එරෙහිව එක්සත් ජනපදයේ දූෂණ සහ වංචා චෝදනා ගොනුකිරීමෙන් පසුව මෙම පහත හෙළීම සිදුකර තිබේ.
ඒ අනුව, කොළඹ වරායේ පර්යන්ත ව්‍යාපෘතියකට සම්බන්ධ වන Adani Ports සහ Special Economic Zone Ltd හි BBB- ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම සෘණ අගයකට කපාහැර ඇත.
ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ මතභේදාත්මක සුළං බල ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කරන Adani Green Energy Limited (AGEL) S&P විසින් ශ්‍රේණිගත කර නොමැති නමුත්, එහි මූල්‍යකරණ අංශය වන SPV, Adani Green Energy Ltd Restricted Group 2 හි ඉදිරි දැක්ම සෘණාත්මකව කපාහැර ඇත.
ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනුකර ඇති බව අමෙරිකානු නඩු පවරන්නන් පවසා තිබේ.
ඒ අනුව, අමෙරිකානු බලධාරීන් ගෞතම් අදානිට සහ Adani Green Energy හි තවත් විධායක නිලධාරීන් දෙදෙනෙකු, අදානිගේ බෑණනුවන් කෙනකු වන සාගර් අදානිට සහ නීට් ජායින්ට චෝදනා එල්ල කර ඇත.
2020 සහ 2024 අතර කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 2 ක ලාභයක් ලබාගැනීමට අපේක්ෂිත සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්‍රාත්තු ලබාගැනීම සඳහා ඉන්දියානු රජයේ නිලධාරීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 250 කට වඩා අල්ලස් ගෙවීමට එකඟවීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
ව්‍යාජ සහ නොමඟ යවන සුළු ප්‍රකාශ මත පදනම්ව මෙම කාලසීමාව තුළ පුනර්ජනනීය බලශක්ති සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි ණය සහ බැඳුම්කර රැස්කර ඇති බව නඩු පවරන්නෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart