
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දින 9 ක් පුරාවට ජපානයේ ටෝකියෝහිදී පැවැත්වුණු වුණු ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ඊයේ නිමාවට පත්විය.
රන් පදක්කම් 49 ක් වෙනුවෙන් පැවැති තරඟාවලියේදී ඉන් පදක්කම් 23ක් අමරිකා එක්සත් ජනපදය සහ කෙන්යාව අතර බෙදීගොස් තිබේ.
දුර දිවීමේ ඉසව්වලින් වැඩි ගෞරවය කෙන්යාව දිනාගනිද්දී කෙටිදුර ධාවනයේ වැඩිම පදක්කම්ලාභියා වූයේ අමෙරිකාවයි.
කෙටිදුර ධාවනයෙන් පසුගිය දශක ගණනාවක් පුරා කිරුළු පැළඳ සිටි ජැමෙයිකාව මෙවර ලෝක ශූරතාවයේ දිනාගත්තේ එක් රන් පදක්කමක් පමණකි.
අවසන් දිනයේ පැවැති තරග අතුරින් වැඩිම අවධානයක් යොමුවුණේ සහාය දිවීමේ ඉසව් වෙතය.
ඇමරිකා එක්සත් ජනපදය පිරිමි මීටර් 100 සහාය ඉසව්වෙන් ඔවුන්ගේ 10 වැනි ලෝක ශූරතාව දිනාගත්තේ එම ඉසව්ව තත්ත්පර 37.29කින් නිමකරමිනි.
නෝවා ලයිල්ස්, කෙනී බෙඩ්නරෙක්, කෝට්නි ලින්ඩ්සේ සහ ක්‍රිස්ටියන් කෝල්මන් එක්ව කැනඩාව සහ නෙදර්ලන්තය පරාජය කරමින් පැහැදිලි ජයග්‍රහණයක් ලබාගත්තේ මේ වසරේ හොඳම කාලය වාර්තා කරමිනි.
එම ඉසව්වේ රිදී පදක්කම තත්ත්පර 37.81කින් තරගය නිමාකළ කැනඩාව සතුවිය.
නෙදර්ලන්තය තත්ත්පර 37.81කින් තරගය නිමාකරමින් ලෝකඩ පදක්කමක් දිනාගත්තේ ජාතික වාර්තාව ද අලුත් කරමින් වීම විශේෂත්වයකි.
කාන්තා මීටර් 100 සහාය ඉසව්වෙන් ජැමෙයිකාව, ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍යය යන රටවලින් එල්ල වූ ප්‍රබල අභියෝගවලට මුහුණදෙමින් ඇමරිකා එක්සත් ජනපදය සාර්ථකව රන් පදක්කමට හිමිකම් කීමට සමත්විය.
ට්වානිෂා ටෙරී, කේලා වයිට්, මෙලිසා ජෙෆර්සන්-වුඩන් සහ ෂා’කැරි රිචඩ්සන් ජැමෙයිකාවට වඩා තත්ත්පර 0.04 කින් තරගය අවසන් කිරීමට සමත්වූහ.
ඒ අනුව, ෂෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්ගෙන් පසු ලෝක ශුරතාවකදී පදක්කම් ත්‍රිත්වයක් දිනාගත් පළමු ක්‍රීඩිකාව ලෙස ජෙෆර්සන් වුඩන් ඉතිහාසයට එක්විය.
තත්පර 41.79 කින් තරගය අවසන් කළ ජැමෙයිකාව රිදී පදක්කමට හිමිකම් කී අතර, 21 වැනි ශතවර්ෂයේ කෙටිදුර ධාවන ඉසව්වෙන් ලෝකයෙන්ම බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්ගේ අවසන් තරගය ද එයයි.
ශෙලී අවස්ථා දෙකකදී ඔලිම්පික් මීටර් 100 ශූරතාව සහ අවස්ථා 5 කදී මීටර් 100 ඉසව්වේ ලෝක ශූරතාවය දිනාගෙන ඇති අතර, ඇය ඊයේ දිනාගත්තේ සිය වෘත්තීය ජීවිතයේ අවසන් පදක්කමයි.
ජර්මනිය තත්පර 41.87 කින් තරඟය අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 සහාය ඉසව්වේ රන් පදක්කම 3:16.61 ක ශූරතා වාර්තාවක් සමගින් දිනා ගන්නට ඇමෙරිකා එක්සත් ජනපදය සමත්විය.
රිදී පදක්කම ජැමෙයිකාවට හිමි වු අතර නෙදර්ලන්තය ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.
2025 ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට රටවල් සහ කණ්ඩායම් 198 ක් සහභාගී වූ අතර, ඒ අතරින් එක් පදක්කමක් හෝ දිනාගැනීමට සමත් වූ රටවල් සංඛ්‍යාව 53 කි.
රටවල් 20 ක් රන් පදක්කම් ජයග්‍රහණය කරන්න සමත්විය.
මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ තරුව වූයේ අමරිකාවේ කෙටිදුර ධාවන ශූරී මෙලීසා ජෙෆර්සන් වූඩන් ය.
පිට පිටම සිව්වන වතාවටත් මීටර් 200 ඉසව්වේ ලෝක ශූරයා බවට පත් වූ අමරිකාවේ නෝආ ලයිල්ස් උසේන් බෝල්ට්ගේ ලෝක ශූරතා වාර්තාව සමකළේය.
මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය තුළ තැබූ එකම ලෝක වාර්තාවට හිමිකම් පෑවේ පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් ස්වීඩනයේ අර්මැන්ඩ් ඩුප්ලැන්ටිස් ය.
එමෙන්ම මීටර් 400 කඩුලු පැනීම අතහැර මීටර් 400 සාමාන්‍යය ඉසව්වේ ධාවනයට පැමිණි අමරිකාවේ සිඩ්නි මැග්ලොක්ලන් ලෙව්රෝනේ වසර 40 කට පසු එම ඉසව්වේ වේගවත්ම කාලය සටහන් කළාය.
ඇයද ද්විත්ව රන් පදක්කම් ලාභිනියක් ලෙසින් තරගාවලිය අවසන් කළේ මීටර් 400 සහාය දිවීමේ රන් පදක්කමට ද හිමිකම් කියමින් වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 400 ඉසව්වට නදීශා රාමනායක සහ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ තරග වැදුණහ.
මූලික වටයේ 8 වැනි ස්ථානයට පත් වූ නදීශාට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ලැබීමට නොහැකි වූ අතර, මූලික වටයේ මීටර් 82.80 ක දුරක් සටහන් කරමින් රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේය.
සුමේධ රණසිංහ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වුව ද සමස්ත තරගකරුවන් 37 දෙනෙක්ගෙන් 15 වන ස්ථානයට පැමිණියේය.
අවසන් මහා තරගයේදී මීටර් 84.38 ක දුරක් සටහන් කරමින් රුමේෂ් 7 වැනි ස්ථානය හිමිකර ගත් අතර එය ශ්‍රී ලංකාව වසර ගණනාවකට පසු ලෝක ශූරතාවයක දැක්වූ ඉහළම දක්ෂතාවයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart