
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ජාතික කාන්තාවක් සිංගප්පූරුවට අයත් මගී නෞකාවකින් මුහුදට ඇදවැටී අතුරුදන් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සිය සැමියා වන ජාකේශ් සහානි සමඟ එම මගී නෞකාවෙන් සිංගප්පූරුව බලා ගමන් කරමින් සිටියදී 64 හැවිරිදි රීටා සහානි නමැති මේ කාන්තාව මුහුදට ඇදවැටී ඇති බව පැවැසේ.
සිංගප්පූරුවේ පදිංචිව සිටින බව කියන සහානි යුවළ මැලේසියාවේ පීනෑන්ං දූපත ආශ්‍රිතව දින 04ක සංචාරයක් නිමාකරමින් පැමිණෙමින් සිට තිබේ.
ඇය මුහුදට පැන ඇත්තේ නෞකාව සිංගප්පූරු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබෙන අතරතුර බව වාර්තා සඳහන් කරයි.
මේ වනතුරු ඇයව සොයාගැනීමට නොහැකි වී ඇති අතර, නෞකාව අයත් සමාගම එම කටයුත්ත මඟහැරීමට කටයුතු කරමින් සිටින බවට ඇගේ පුත්‍රයා චෝදනා කර ඇත.
සිය මවගේ සිරුර සොයා ගැනීමට ඉන්දීය අගමැති කාර්යාලයෙන් සහ විදේශ අමාත්‍යාංශයෙන් සහාය අවශ්‍ය බවද ඔහු සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart