
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩිකිරීමට ප්‍රතිපාදන නොමැති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසයි.
බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීතිරීති සහ ගිවිසුම් අනුව මේ අවස්ථාවේ ගාස්තු වැඩිකිරීමට හැකියාවක් නොමැති බවත්, මෙතෙක් කිසිවකු බස් ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලීමක් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර, ඊයේ සිදුකරන ලද සහ පෙර සිදුකරන ලද ඉන්ධන මිල සංශෝධනයන් සළකා බැලීමේදී පෞද්ගලික බස් සංගම් විසින් දරා ඇති සමස්ත පාඩුව රු.22ක් බවට පත්ව ඇති බවත් එය දැරිය නොහැකි බැවින්, මෙවර බස් ගාස්තු සංශෝධනයක් අත්‍යවශ්‍ය බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
“ඉන්ධන මිල සංශෝධන සිදු වූ සෑම අවස්ථාවකම වගකිවයුතු බස් සංගම් ලෙස අපි ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව පාඩු විඳිමින් කටයුතු කර තිබෙනවා. නමුත් මෙවර මුළු පාඩුව රුපියල් 22ක් වීම අපට දැරීමට අපහසුයි, ඒ නිසා අපගේ කොන්දේසි හතර සම්පූර්ණ වුවහොත් ඉදිරි සති දෙක ඇතුළත ගාස්තුව වැඩි කිරීමට අපි තීරණය කළා.” යනුවෙන් ඔහු පැවසීය.
“ඒ අනුව බස් ගාස්තුවට සියයට තුනක වැඩිවීමක් විය යුතුයි, ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියේ රාමුව තුළ බස් ගාස්තුව වැඩි කිරීමට තවත් සියයට එකක මුදලක් අවශ්‍ය අපට අවශ්‍ය වනවා. අලුතින් පැනවූ වැට් බද්දෙන් විශාල බලපෑමක් අප අත්විඳිනවා. අලුත් බස්රථ මිල අපට සිතාගත නොහැකි ලෙස වැඩි වී තිබුණත් අපට සහනයක් ලබා දීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. අමතර කොටස්, ලිහිසි තෙල් සහ සේවා ගාස්තු ද ඉහළ ගොස් තිබෙනවා,” ඔහු පෙන්වාදෙයි.
“අපි අද ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා හමුවී අපේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. අපට හිතකර පිළිතුරු නොලැබුණොත් සති දෙකක් ඇතුළත බස් ගාස්තුව සියයට 10කින් වැඩි කරනවා, එවිට අවම බස් ගාස්තුව රුපියල් 35ක් වෙයි ,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart