
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනයක් ඇති බව සහතික කිරීමට තමාට අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස පත්කර සිටින සනත් ජයසූරිය පවසයි.
කොළඹදී ඊයේ මාධ්‍යවේදීන් අමතමින් ජයසූරිය සඳහන් කළේ ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බැවින් යම් විනයක් තිබිය යුතු බවයි.
හිසකෙස් කපා, පැළඳ සිටින කරාබු ගලවන ලෙස කණ්ඩායමට උපදෙස් දුන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදී ජයසූරියගෙන් ප්‍රශ්න කෙරිණි.
එහිදී ඔහු පැවසුවේ තමා සීමාව ඉක්මවා නොයන නමුත් යම් විනයක් ඇති කර ගත යුතු බවයි.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආදර්ශයක් විය යුතු බව ද ඔහු සඳහන් කළේය.
ඔහු ක්‍රීඩා සමාජයක හෝ පුහුණුකරුවකු ලෙස කටයුතු කර නොමැති නිසා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු වීමට ඇති පළපුරුද්ද සම්බන්ධයෙන් ද මෙහිදී ජයසූරියගෙන් ප්‍රශ්න කෙරිණි.
තමාට සම්පූර්ණ අත්දැකීම් නොමැති බව පිළිගනිමින් ජයසූරිය කියා සිටියේ තමා ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටියදී ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවන් සමඟ කටයුතු කර ඇති බැවින් අත්දැකීම් ප්‍රමාණවත් බව තමාට හැඟුණ බවයි.
තමා තාවකාලික පුහුණුකරුවකු පමණක් බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟාවලියෙන් පසු පූර්ණ කාලීන පුහුණුකරුවකු තෝරා ගැනෙනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart