
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතිශය වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වූ BYD මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම ඇරඹීමත් සමඟ මෙරට මෝටර් රථ ක්ෂේත්‍ර උඩුයටිකුරු වන්නට විය. ඊට හේතුව වුයේ වසර ගණනාවක් අලුත්ම මෝටර් රථයක් මිලදී ගැනීමේ අශාවෙන් මෝටර් රථ ආනයන සීමා ලිහිල් කරන තෙක් බලා සිටි පාරිභෝගිකයින් බහුතරයක් සම්ප්‍රධායික අභ්‍යන්තර දහන ඉන්ධන මෝටර් රථ වෙනුවට විද්‍යුත් EV මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹීමත් සමගය. මුල්‍ය වාසිය, නව්‍ය තාක්ෂනය,සුව පහසුව, ආරක්ෂාව, පාවිච්චි කරන ලද වාහනයක මිලට වඩා අඩු මිලකට ලබා ගැනීමේ හැකියාව, පාරිසරික සජිවනය ආදී කරුණු රාශියක් හේතුවෙන් BYD ඉල්ලුම අතිශය තරඟකාරී ලෙස ඉහළ ගිය අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ පැරණි වාහන අලෙවියට අභියෝග කරමින් සිය වෙළඳපොල කොටස සීග්‍රයෙන් වර්ධනය කර ගැනීමට BYD මෝටර් රථ මෙරටට ආනයනය කරනු ලබන JKCG සමාගම සමත් විය.
මෙම තරඟකාරී වෙළඳපොල ක්‍රියාකාරිත්වය හමුවේ විවිධ බලපෑම් සමඟින් ශ්‍රී ලංකා රේගුව සම්ප්‍රධායික වාහන නිෂ්පාදන සමාගමේ දත්ත මත පදනම්ව වාහන රේගුවෙන් නිදහස් කිරීමේ ක්‍රමවේදයට බාහිරව BYD මෝටර් රථ වරායේ රඳවා ගැනීමේ ගැටළුකාරී තත්වය නිසා BYD වාහන පෙර ඇණවුම් කර අත්තිකාරම් ගෙවා බලා සිටි පාරිභෝගිකයින්ට සිය මෝටර් රථය JKCG කාල සටහනට අනුව ලබා ගැනීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ ඉහළම විශ්වාසය දිනූ සන්නාම නාම ඇති ව්‍යාපාර රැසක හිමිකරු වන ජෝන් කීල්ස් සමූහය කීල්ස් සුපිරි වෙළෙඳසල්, සිනමන් හෝටල්, සිනමන් එයාර්, එලිෆන්ට් හවුස්, යුනියන් ඇෂුවරන්ස්, නේෂන්ස් ට්‍රස්ට්, ඇතුළු නමදිනූ ව්‍යාපාර රැසක් පවත්වා ගෙන යන කීර්තිමත්ම සමාගමයි.
මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවද, සමාගම ගනුදෙනුකරුවන්ට මුල් තැන ලබාදෙමින් මින් ඉහතදී පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත් කළ ප්‍රකාශයක් මත පදනම්ව සිය ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ බැඳීම තව දුරටත් තහවුරු කරමින් John Keells CG Auto (JKCG) සමාගම සිය පාරිභෝගික ජනතාවට මෙතක් මෝටර් රථ ඉතිහාසයේ සමාගමක් ලබාදුන් සුවිශේෂී සහන ද පිරිනමන ලදී.
විකල්ප මගින් ඔවුන්ගේ වාහන සිහිනය වඩාත් ශක්තිමත් කිරීමට සමාගමක් ලෙස කටයුතු කරනු දැකීම ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිය ගනුදෙනුකරුවන් කෙරෙහි ආයතනය දක්වන ධනාත්මක ආකල්පමය ආදර්ශයක් ලෙස දැකිය හැකිය.
රේගුවේ සැකය මත පමණක් පදනම්ව උසාවි යාම හේතුවෙන් පැන නැගුණු මෙම තත්වය නඩුවාර කැඳවීම සිදුවූ පසු විසෙඳනු ඇති බවත් සමාගමේ විශ්වාස වී ඇත. නමුත් මෝටර් රථ නිෂ්පාදකයාගේ සහතික කරණය මත මෙරටට ගෙන්වනු ලබන අනෙකුත් මෝටර් රථ නිදහස් කිරීම හා BYD මෝටර් රථ පමණක් රේගුවේ රඳවා තබාගැනීමේ පිළිවෙත රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාව සහ ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් හා ආයෝජකයින් තබන විශ්වාසය කෙරෙහි ප්‍රශ්නාර්ථයක් මතු කරන බව මේ පිළිබඳ කෙරුණු විද්වත් සාකච්ඡා නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. කෙසේවෙතත් මෙවැනි තාක්ෂණික පර්යේෂණ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව සමාජයේ කතිකාවක් ගොඩනැගී ඇති අතර EV පරිවර්තනයේ ඉතාමත් මුල් අවදියේ සිටින රටකට මෙම නව්‍ය තාක්ෂණය පිළිබඳ නිගමන වලට පැමිණීම සඳහා ප්‍රමිතිගත ජාත්‍යන්තර පිළිගත් ආයතනවල සහය නිල වශයෙන් ලබා ගත යුතු බව ද විද්වත් මතය වී ඇත.
කෙසේවෙතත් නව්‍ය ලෝකයේ තාක්ෂණික දියුණුව හා සංවර්ධනය සමඟ ශ්‍රී ලංකාව වැනි රටක් සමගාමිව පරිවර්ථනය වීමට දක්වන කැමැත්ත හා ජනතා අභිලාශය මෙවැනි තත්වයන් හමුවේ ආපසු හැරවීමට හෝ මන්දගාමී නොකර සිටීම සඳහා රාජ්‍ය කඩිනම් මැදිහත්වීම වඩාත් වටිනා බව පෙනීයයි.
(අරුණ පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරින්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart