
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශිකයන් දෙදෙනෙකු විසින් යාල ජාතික වනෝද්‍යානයේ සිට අල්ලා ගත් කෘමීන් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් විශේෂඥ වාර්තාවක් කැඳවා තිබේ.
කෘමීන් ඇල්ලීම සඳහා භාවිත කරන කෘමි විකර්ෂක දිලීරයේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා හදිසි මරණ පරීක්ෂක කාර්යාලය වෙත යවා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
මෙරටට ආවේණික කෘමීන් ඇල්ලීම සම්බන්ධයෙන් ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු යාල ජාතික වනෝද්‍යානයේදී වනජීවී නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිණි.
තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
යාල උද්‍යානයේ පාලක මනෝජ් විද්‍යාරත්නපැවසුවේ මොවුන් සමනලුන්, සර්පයන් වැනි සතුන් මරා බෝතල්වල ගබඩා කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart