
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුවක් කපන ගිරයකින් තම සැමියාගේ ලිංගේන්ද්‍රියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබේ.
සැකකාරිය අනුරාධපුර යහලේගම පදිංචි කාන්තාවකි.
සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍යවරයකු වෙත යොමුකර, වාර්තාව නොවැම්බර් 17 වැනිදා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත.
අදාළ කාන්තාව විසින් දිවා කාලයේ නිවසේ නිදා සිටි සැමියාගේ ලිංගේන්ද්‍රිය කපා අඟල් දෙකක පමණ තුවාලයක් සිදුකර ඇති බවත්, ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරුකර යැවූ බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.
කවරක්කුලම පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart