
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද හමුදා පොලීසියේ වසර 22 කාලයක් සේවය කළ බලලත් (1) නිලධාරියකු විශ්‍රාම යාමෙන් අනතුරුව විදේශගතව සිටියදී හදිසියේ මියයාමෙන් පසු ඔහුගේ බිරියට හිමි විය යුතු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේම නිලධාරිනියක විසින් අහිමි කර ඇතැයි එම කාන්තාව හැඬූ කඳුළින් පැවසුවාය.
බණ්ඩාරගම, අලුත්ගම, ජය මාවත, ඉඳුවර උයනේ පදිංචිව සිටි 58 හැවිරිදි පිලිප්පු ජෝසප් චන්ද්‍ර ලලිත් පුරා වසර 22ක් යුද හමුදා පොලීසියේ සේවය කර 2009 වසරේ අගෝස්තු මස 21 වෙනි දින විශ්‍රාම ගොස් ඇත.
එදින සිට ඔහුට නියමිත විශ්‍රාම වැටුප ලැබුණු අතර පවතින ආර්ථික අපහසුතාව හේතුවෙන් 2024 වසරේ අප්‍රේල් මස 8 වැනිදා විදේශගතවී රුසියන් හමුදාවේ සේවයට එක් විය.
එහිදී යුද්ධයට මැදිව 2024 නොවැම්බර් 05 වැනිදා හදිසියේ මියගොස් තිබූ අතර ඒ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඔහුගේ බිරිය වන විදානෙලාගේ රම්‍යා රෝහිණී ද මෙල් මහත්මියට ලිඛිතව දැනුම් දී ඇත.
සිය සැමියාගේ මළ සිරුර ලංකාවට ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ 30ක මුදලක් වැය වන බවට බලධාරීන් ඇයට දැනුම් දී තිබිණි.
එක්දරු මවක් වන ඇය එයින් මහත් අසරණභාවයට පත්ව කිසිත් කරකියාගත නොහැකිව සැමියාගේ මරණ සහතිකය ලබාගෙන නිවෙස කරා පැමිණෙන්නට වූවාය.
අනතුරුව සිය වසමේ ග්‍රාම සේවක නිලධාරියා මාර්ගයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් සියලු ලිපි ලේඛන භාරදී 03 – 1131793 විශ්‍රාම වැටුප් අංකය යටතේ තිබෙන තම සැමියාගේ විශ්‍රාම වැටුප තමාට සහ දරුවාට වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප යටතේ ජීවත්වීම සඳහා ලබා දෙන ලෙස ඇය ඉල්ලීමක් කර ඇත.
එයට සාවධානව සවන් දුන් එම කාර්යාලයේ නිලධාරිනියන් ලහිලහියේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඉතා කෙටි දිනක් තුළදී එම ලිපිගොනුව යොමු කිරීමට කටයුතු කර තිබිණි.
නමුත් ඇය මේ දක්වා හය වතාවකට ආසන්නව වැන්දඹු අනත් දරු විශ්‍රාම වැටුප සකස් කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගොස් ආයාචනා කළද එය බීරි අලින්ට වීණා වාදනය කරන්නක් වැනි යැයි ඇය කළ කතාබහෙන් දැනගන්නට හැකි විය.
මේ පිළිබඳ අදහස් දැක්වූ මියගිය යුද හමුදා නිලධාරියාගේ බිරිය රම්‍යා රෝහිණී ද මෙල් මහත්මිය:
“මගේ මහත්තයා රට වෙනුවෙන් සේවය කළ රණවිරුවෙක්. පුරා වසර විසි දෙකක් රට වෙනුවෙන් සේවය කළා. විනෝද වෙන්න නොවෙයි විදේශගත වුණේ. අපේ අවාසනාවට අපිට මහත්තයා නැති වුණා.
ජීවත් වුණේ මහත්තයට ලැබුණු විශ්‍රාම වැටුපෙන්. වෙනත් ආදායම් මාර්ගයක් අපිට නැහැ. ඉඩමයි ගේයි මිලදී ගත්තේ බැංකු ණය මුදලකින්, එම ණය මුදල තවමත් ගෙවනවා. දැන් සියලුම කනකරත් උකස් තියලා. ඒවා සින්නවෙලත් ඉවරයි. ඉතාමත් අපහසුවෙන් තමයි එදා වේල ගැටගහගන්නේ.
අපිට තිබ්බ එකම හයිය මහත්තයාගේ විශ්‍රාම වැටුප විතරයි. මහත්තය නැතිවුණා විතරයි. විශ්‍රාම වැටුප් එකේ නිලධාරිනියක් ඒකත් අහිමි කරලා. මොන හේතුවකටද දන්නේ නෑ. බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශයේ නෝනලා සියලුම ලිපිලේඛන කොළඹට යවලා තියෙන්නේ.
බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශයේ නෝනලාගෙන් ඇහුවහම කියන්නේ කොළඹ විශ්‍රාම වැටුප් අංශයේ වැන්දඹු අනත්දරු අංශයේ නෝනා කෙනෙක් පරිගණකයෙන් මගේ මහත්තයාගේ දත්ත මකලා කියලා.
ඇයි අපි වගේ අසරණ අයව තවත් අසරණ කරන්නේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් තුමනි. මේ අසාධාරණයට ඔබතුමාගේ අවධානය යොමුකර මා හට සාධාරණයක් ඉටු කරන මෙන් කාරුණිකව ඉල්ලනවා.”
මේ පිළිබඳ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් දිස්නා ජයසිංහ මහත්මියගෙන් විමසීමේදී ඇය මෙසේ පැවසුවාය,
“මියගිය පිලිප්පු ජෝසප් චන්ද්‍ර ලලිත් යන අයට හිමි වූ විශ්‍රාම වැටුප ඇයගේ බිරිය වන රම්‍යා රෝහිණීට හිමි විය යුතුයි. ලිපිගොනුවේ කිසිම ගැටලුවක් නැති බව විශ්‍රාම වැටුප් අංශයේ නිලධාරීන් මා වෙත දැනුම් දී තිබෙනවා. සිදු කළ යුතු සියලුම රාජකාරි සිදුකර එම දිනවලම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. අප කාර්යාලයෙන් කිසිදු අතපසුවීමක් වෙලා නැහැ.
මෙම තැනැත්තියට විශ්‍රාම වැටුප හිමි නොවීම අපට ද ගැටලුවක්” යැයි ඇය පැවසුවාය.”(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart