
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරගයේදී නොදැවී ලකුණු 367ක් ලබා සිය ඉනිම අවසන් කිරීම සම්බන්ධයෙන් එම තරගයෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයන් ලාරා තමන් සමග සාකච්ඡා කළ බව දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර් පවසයි.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝ හි පැවති දෙවැනි ටෙස්ට් තරඟය අතරතුර ඔහුට එම අවස්ථාව උදාවිය.
එහිදී මෝල්ඩර් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකු විසින් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලබාගත් වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.
එහිදී ඔහු ලකුණු 400 සීමාව පසුකර නොයාමට ගත් තීරණය ක්‍රිකට් ලෝකයේ බොහෝදෙනා කම්පනයට පත්කළ සිදුවීමක් විය.
ඇතැම්හු ඒ සම්බන්ධයෙන් ප්‍රශංසා කළ අතර තවත් සමහරු එය මඟහැරුණු අවස්ථාවක් ලෙස සැළකූහ.
කෙසේවෙතත් වියාන් මෝල්ඩර් SuperSport නමැති වැඩසටහනකදී අදහස් දක්වමින් පවසා ඇත්තේ, බ්‍රයන් ලාරා සමග සිදුකළ සාකච්ඡාවේදී තමා එම ඉලක්කය සඳහා යා යුතුව තිබුණු බව ලාරා ඔහුට පැවසූ බවයි.
එමෙන්ම වාර්තා බිඳදැමිය යුතු බවත්, කවදා හෝ යළිත් එවැනි අවස්ථාවක් උදාවුවහොත් වැඩි ලකුණු ලබාගැනීමට ප්‍රාර්ථනා කරන බවත් ලාරා පැවසූ බව මෝල්ඩර් පවසා තිබේ.
කෙසේවෙතත්, හිටපු බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්, talkSPORT සමග එක්වෙමින් පවසා තිබුණේ මෝල්ඩර්ගේ තීරණය සමග එකඟ නොවන බවයි.
පුරාවෘත්තයක් වීමට අවශ්‍ය නම්, හඹාගොස් එය ලබාගත යුතු බව ද ඔහු එහිදී පවසා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart