
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් අර්බුදය විසඳීමට ක්‍රීඩා ඇමැතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්යාලවලට යෑම පිළිබඳව මෙන්ම, ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සකච්ඡා කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති රොෂාන් රණසිංහගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
මහවැලි ඉඩම් බෙදාදීමේදී ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ යෝජනා වී ඇති බහුතරයක් නම් සිය දේශපාලන හිතවතුන් සහ ඥාතීන් වන්නේ මන්දැයි යනුවෙන්ද ජනාධිපතිවරයා රොෂාන් රණසිංහගෙන් විමසා ඇතැයි පැවැසේ.
එම ප්‍රශ්න දෙකටම ඇමැතිවරයා පිළිතුරු නොදීම හේතුවෙන් ඇමැති මණ්ඩල එකමුතුව බිඳවැටීම පෙන්වාදෙමින් රොෂාන් රණසිංහ ඇමැති ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් භාරදී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart