
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තේරීම් කමිටු සභාපති උපුල් තරංග භානුක රාජපක්ෂ කණ්ඩායමින් ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ, ආබාධයක් හේතුවෙන් භානුක ජාතික සුපර් ලීග් (NSL) තරගාවලියෙන් ඉවත් වූ බවයි.
මෙම ආබාධය පිළිබඳව පෞද්ගලික භෞත වෛද්‍යවරයෙකුගෙන් වාර්තාවක් ලබාදෙමින් භානුක රාජපක්ෂ දැනට පැවැත්වෙන NSL දේශීය තරඟාවලියෙන් ඉවත්ව සිටින අතර, ඔහු දේශීය තරඟාවලියකදී මෑතක දක්ෂතා අතරට පැමිණ නොමැති බැවින් අන්තර්ජාතික තරඟාවලියකට ඔහුව තෝරාගත නොහැකි බව උපුල් තරංග පැහැදිලි කරයි.
“කුසල් ජනිත් පෙරේරා නැති නිසා අපි ඔහුව මේ සංචාරයට සළකා බලන්න හිතුවා. නමුත් පෞද්ගලික භෞතචිකිත්සක වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔහු තුවාල ලබා ඇති බව පවසමින් NSL තරගාවලියෙන් ඉවත්ව සිටියා” උපුල් තරංග වැඩිදුරටත් සඳහන් කරයි.
ජනමාධ්‍ය අමතමින් උපුල් තරංග වැඩිදුරටත් පැවසුවේ, පුහුණුකරු සහ නායකයා සමඟ පැවති සාකච්ඡාවේදී අමතර පිතිකරුවකු ලෙස පළපුරුදු ආරම්භක පිතිකරුවකුගේ අවශ්‍යතාවය පැහැදිලි වූ නිසා නිරෝෂන් දික්වැල්ල එම ස්ථානයට තෝරා ගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart