
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ පසුගිය නොවැම්බරයේ කැබිනට් මණ්ඩලයට පත් වීමෙන් පසු මාධ්‍ය සමඟ විශේෂයෙන් ඉංග්‍රීසි මුද්‍රිත මාධ්‍ය සමඟ සම්බන්ධ වීමට අපොහොසත් වීම මාධ්‍යවේදීන් මෙන්ම වාර්තාකරුවන් ද ව්‍යාකූල කර තිබේ.
හිටපු වරලත් ගණකාධිකාරීවරයා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් බවට පත් කිරීමට ප්‍රථමයෙන් රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය අධීක්ෂණය කිරීම සඳහා පත් කිරීම පසුගිය වසරේ ජනාධිපතිවරයාගේ පැත්තෙන් ගනුලැබූ පියවරකි.
කෙසේවෙතත්, ඔහු විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඔහු තවමත් රටේ මුද්‍රිත මාධ්‍ය සමඟ සැළකිව යුතු ආකාරයකින් සම්බන්ධ වී නොමැති බව පෙනෙන්නට තිබේ.
ඇතැම් මුද්‍රිත ආයතන ජනමාධ්‍යවේදීන් පවසන්නේ ක්‍රීඩාවට සම්බන්ධ විවිධ ගැටලු සම්බන්ධයෙන් ඔහුගෙන් අදහස් විමසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දරා ඇතත් එවැනි සියලු උත්සාහයන් මේ දක්වා අසාර්ථක වී ඇති බවයි.
අදාළ අඇමැතිවරයාගේ ක්‍රියා කලාපය ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධයෙන් රජය විසින් සිදුකර තිබෙන නිල නොවන අයුරින් මුඛ වාඩම් දැමීමක් ද යන්න පිළිබඳ පුළුල් මතයක් ගොඩනැගී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart