
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා ඒජන්සියට අනුව, ගෝලීය වශයෙන් නව පිළිකා රෝගීන් සංඛ්‍යාව 2050 දී මිලියන 35 දක්වා ළඟාවනු ඇති අතර, එය 2022හි සංඛ්‍යාවට වඩා සියයට 77කින් වැඩිවීමකි.
WHO’s International Agency for Research on Cancer (IARC) විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, දුම්කොළ, මධ්‍යසාර, තරබාරුකම සහ වායු දූෂණය පිළිකා රෝගීන් වැඩිවීමේ ප්‍රධාන සාධක ලෙස දක්වා ඇත.
එමෙන්ම 2022 දී පිළිකා මරණ මිලියන 9.7ක් ඇස්තමේන්තු කර ඇති අතර, රටවල් 185කින් සහ පිළිකා වර්ග 36ක දත්ත මත පදනම්ව සිය ද්විවාර්ෂික වාර්තාව සමඟ IARC මේ බව සඳහන් කර තිබේ.
පුද්ගලයන් පස්දෙනකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකා ඇති වන අතර, පිරිමින් නවදෙනකුගෙන් එක් අයෙකු සහ කාන්තාවන් 12 දෙනෙකුගෙන් එක් අයෙකු මෙම රෝගයෙන් මිය යන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
රෝගියකු ජීවත්වන ස්ථානය අනුව පිළිකා තර්ජනය වෙනස් වන බව ද IARC පෙන්වාදෙයි.
2022 ඇස්තමේන්තුවලට සාපේක්ෂව 2050 දී අතිරේක නව රෝගීන් මිලියන 4.8ක් පුරෝකථනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart