
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටයේ චරිතයක් විසින් පැළඳ සිටි තොප්පියට වෙන්දේසියක දී ඩොලර් 630,000ක් ලැබී තිබේ.
‘ස්ටාර් වෝර්ස්’, ‘හැරී පොටර්’ සහ ‘ජේම්ස් බොන්ඩ්’ නිෂ්පාදනවල චිත්‍රපට මතක සටහන් ද එම වෙන්දේසියට ඉදිරිපත් කර තිබිණි.
වෙන්දේසි ආයතනයට අනුව තොප්පිය සඳහා ලංසු 37ක් ඉදිරිපත් විය.
එය දිනාගනු ලැබුවේ එම චිත්‍රපටයේ නිර්භීත පුරාවිද්‍යාඥ ආචාර්ය හෙන්රි වෝල්ටන් ඉන්ඩියානා ජෝන්ස් ජූනියර් ලෙස රඟපෑ හැරිසන් ෆෝඩ් විසිනි.
1984 දී තිරගත වූ ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ඇකඩමි සම්මාන දෙකක් සඳහා නිර්දේශ වූ අතර ලොව පුරා උපයාගත් ආදායම ඩොලර් 333,107,271කි.
මෙම චිත්‍රපටය 1935 දී ඉන්දියාව පසුබිම් කරගෙන නිර්මාණය කර තිබිණි.
ඔස්කාර් සම්මානලාභී ‘Everything Everywhere All at Once’ චිත්‍රපටයේ රඟපෑ Ke Huy Quan, ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’ හි කෙටි චරිතයක් සඳහා තෝරාගනු ලැබුවේ ළමුන් 6,000ක් අභිබවමිනි.
වෙන්දේසි වූ තොප්පිය පැළඳ සිටියේ ෆෝඩ් සහ ඔහුගේ ස්ටන්ට් ශිල්පියා වූ ඩීන් ෆෙරැන්ඩිනීය.
වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට සහ සංදර්ශන 100කට අධික ප්‍රමාණයක වැඩ කළ ෆෙරැන්ඩිනී පසුගිය වසරේ මිය ගිය අතර තොප්පිය ඔහුගේ එකතුවෙන් පැමිණි එකකි.
මෙම තොප්පිය ලන්ඩනයේ හර්බට් ජොන්සන් හැට් සමාගම විසින් නිර්මාණය කරන ලද්දකි.
ඉන්ඩියානා ජෝන්ස් හි මුල් කොටස් තුන වෙනුවෙන් සාදන ලද තොප්පි සඳහා විශේෂයෙන් යොදන ලද ‘I J’ යන මුලකුරු රන් අකුරින් මුද්‍රා කර ඇති බව වෙන්දේසි ආයතනය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart