
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තාවන් සම සුදුවීම සඳහා ආලේපන කරන ක්‍රීම් හා දියර වර්ගවල තිබිය යුතු රසදිය ප්‍රමාණය අනුමත සීමාවට වඩා ඉතා අධික ලෙස අඩංගුවී තිබෙන බවට ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය වාර්තා මගින් තහවුරු කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඊ.යූ. රන්ජන පැවසීය.
ඉකුත් සතිය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය මගින් පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී ආනයනකරුවකු හෝ නිෂ්පාදකවරයකුගේ තොරතුරු සඳහන් නොමැති නීතිවිරෝධී ශරීර ආලේපන හමුවීමෙන් අනතුරුව ඒවායෙන් අහඹු ලෙස තෝරාගත් වර්ග 07කින් යුත් ආලේපන ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණාගාරය වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු කර ඇතැයි විමර්ශන නිලධාරී ඊ.යූ. රන්ජන සඳහන් කරයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 743 මගින් නිශ්චිත අයිඑස්ඕ/ටීආර් 17276 ප්‍රකාරව විශ්ලේෂණය කිරීමේදී සමෙහි ආලේප කරනු ලබන ක්‍රීම් හා දියර වර්ගවල අඩංගු බැර ලෝහ ප්‍රමාණය අනුව රසදිය කිලෝ එකකට මිලිග්‍රෑම් එකක් බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ සඳහන්ව ඇතැයි ඔහු කීය.
අදාළ වැටලීමේදී පාරිභෝගික කටයුතු අධිකාරිය භාරයට ගෙන ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ පරික්ෂණාගාරය වෙත යොමු කරන ලද ශරීර ආලේපන වන ක්‍රීම් සහ දියර වර්ග 7න් 6 කම අඩංගුව තිබූ රසදිය ප්‍රමාණයක් කිලෝග්‍රෑම් 01ට මිලිග්‍රෑම් 08 දශම එකේ සිට මිලිග්‍රෑම් 31.540 දක්වා ඉතා අධික රසදිය ප්‍රමාණයක් අඩංගුව තිබූ බවට ලබාදුන් වාර්තාවලින් තහවුරු වී ඇතැයි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා කීය.
වෙළෙඳපොළේ බහුලව විකිණීමට තිබෙන තරුණියන් මෙන්ම කාන්තාවන් භාවිත කරන ශරීරය සුදුවීමේ ආලේපනවල ඉතා අධික ලෙස රසදිය අඩංගු වීමෙන් ප්‍රධාන වශයෙන් පිළිකා රෝගකාරක සහ වකුගඩු නරක්වීමේ අවදානමක් මෙන්ම සෑම ඉන්ද්‍රියකටම අහිතකර බලපෑම ඇති විය හැකි බව වෛද්‍ය මතය වාර්තාවලින් පෙන්වා දී ඇතැයි ඔහු පැවසුවේය.
ශරීර ආලේපන වන ක්‍රීම් වර්ග සහ දියර වර්ග මිලදී ගැනීමේදී විශේෂයෙන් ඒවා ආනයනය කරන ලද නිෂ්පාදනයන් නම්, මෙරට ආනයනකරුගේ නම හා ලිපිනය මෙන්ම නිෂ්පාදකයාගේ නම හා ලිපිනය එහි සටහන්ව තිබෙනවා දැයි විමසිලිමත් වන ලෙස ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඊ.යූ. රන්ජන වැඩිදුරටත් පැවසීය.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart