
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.
මේ සම්බන්ධයෙන් පවරන ලද නඩුවකදි ඇස්ට්‍රාසෙනෙකා නිෂ්පාදනය කරන සමාගම සිය එන්නතේ සංකූලතා දුලබව ඇතිවන බව පිළිගත් දෙයක් බවත්, එය ඔවුන් ඊට කළින්ද පිළිගෙන තිබූ කාරණයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බව පැවසූ වෛද්‍ය විජේවික්‍රම, ඒවා එන්නත් ලබාගත් කාලයේදී ඇති වූ සංකූලතා පමණක් බවද ප්‍රකාශ කළේය.
ඒ නිසා එන්නතෙන් ඒ වගේ අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් දෝෂ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටියක් හේතුවෙන් මොළයේ ස්ථිර ආබාධයකට ලක් වූ එක්සත් රාජධානියේ ජේමි ස්කොට් විසින් මෙම සුවිශේෂී මහාධිකරණ හමුවේ මෙම නඩුව ගොනුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart