
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස ඊශ්‍රායල භූමියට ඇතුළුවීමේදී ඊශ්‍රායල සහ ජෝර්දාන දේශසීමා ආරක්ෂකයන් විසින් මීට දින දෙකකට පෙර අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා නැවත ජෝර්දානය වෙත යැවීමට නියමිත බව වාර්තා වේ.
ටෙල් අවිව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වී තිබුණේ ජෝර්දාන දේශසීමාව හරහාය.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසන්නේ, මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු 50 හැවිරිදි සහ අනෙක් කාන්තාව 44 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන ඇති බවය.
එම කාන්තාවන් දෙදෙනා නැවත ජෝර්දානයට යැවීමට තීරණය කර ඇති බව තානාපති බණ්ඩාර ප්‍රකාශ කරයි.
මෙම කාන්තාවන් දෙදෙනාගේම ආරක්ෂාව සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඊශ්‍රායලය සහ පලස්තීනය ගැටුම් පවතින අවස්ථාවක මෙම කාන්තාවන් දෙදෙනා නීතිවිරෝධී ලෙස ඊශ්‍රායල භූමියට ඇතුළු වී තිබිණි.
පවතින ගැටුම්වලින් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් අතුරුදහන් වී ඇති අතර, ශ්‍රී ලාංකික පිරිමි අයෙකුද තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මේ අතර, දකුණු ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකික පවුල් තුනක පුද්ගලයන් මේ වන විට ආරක්ෂිතව සිටින බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිතයන් ඊයේ වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart