
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඉන්දියානු තෙල් සමාගමට බදු දී තිබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාව වෙත ලබාගන්නා වැඩපිළිවෙළක් දියත් කළ බව පවසමින් 2020/2021 දියත් කෙරුණු ප්‍රචාරණ වැඩසටහන සඳහා රුපියල් පනස් ලක්ෂ දසදහසකට ආසන්න මුදලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් වය කර ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ අනාවරණ කරති.
ඔවුන් පවසන පරිදි මෙම ප්‍රචාරණ කටයුතු සිදු වී ඇත්තේ උදය ගම්මන්පිල බලශක්ති ඇමැතිවරයාව සිටි සමයේය.
එම වැඩසටහන් ක්‍රියාත්මක වී තිබුණේ ‘ත්‍රිකුණාමල තෙල් ටැංකි යළි රටට’ තේමාව යටතේය.
ඒ යටතේ පොතක් මුද්‍රණය කර ඇති අතර රුපියල් ලක්ෂ පනහක පමණ මුදලක් වැය කර ඇත්තේ ඒ වෙනුවෙන් බව පැවසේ.
වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ, එම තෙල් ටැංකි මෙරටට ලබාගන්නා බවට එවක ඇමැතිවරයා ප්‍රකාශ කළ ද, ඉන්දියානු තෙල් සමාගම් වෙත ලබා දී තිබූ බලපත්‍රය නැවත අලුත් කිරීම ඔහු ද කටයුතු කළ බවයි.
මෙම ඉන්දියානු ඔයිල් සමාගමට අයත් පහත ටැංකි අංගනයේ සහ ඉහළ ටැංකි අංගනයේ ඇති භාවිතයට නොගන්නා ටැංකි එකසිය එකක ප්‍රමාණයක් තෙල් සංස්ථාවටත් ඉන්දියානු ඔයිල් සමාගමටත් ප්‍රමාණවල් දෙකක් ලෙස බෙදා වෙන්කර ගැනීම සඳහා Trinco terminal private limited යනුවෙන් නව සමාගමක් ද ආරම්භ කර තිබිණි.
එහෙත් ටැංකි හුවමාරු කිරීමේ ක්‍රමවේදය තුළ ගිවිසුම්ගතව ඇති ආකාරයට, එම ටැංකි අවුරුදු දහයක් යනතුරු ශ්‍රී ලංකාවට භාවිත කිරීමට හැකියාවක් නොමැති බව පසුගිය දිනෙක බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසා සිටි බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
එම වසරේ ඇති වූ සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් විපතට පත් ජනතාවට සහනාධාර ලබා දීම පිණිස ගම්මන්පිල විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සහ ලංකා ඛනිජ තෙල් තොගබඩා පර්යන්ත සමාගමෙන් මිලියන 04 බැගින් රුපියල් මිලියන අටක් ලබාගෙන සිය දේශපාලන කටයුතු සඳහා වාසි සහගත අයුරින් යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවට ද වෘත්තීය සමිති නියෝජිතයෝ චෝදනා කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart