
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසරේ මුල් භාගය තුළ ලොව පුරා පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙහෙයවූ වංචාකරුවන්ට සම්බන්ධ ගිණුම් මිලියන 6.8 ක් ඉවත්කර ඇති බව WhatsApp පවසයි.
ඉන් බොහෝ ගිණුම් ගිනිකොනදිග ආසියානු රටවල ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන වංචා මධ්‍යස්ථානවලට සම්බන්ධ ගිණුම් වූ අතර, එම අපරාධකරුවන් බොහෝවිට ඔවුන්ගේ මෙහෙයුම් සඳහා බලහත්කාරයෙන් ශ්‍රමිකයන් යෙදවූවන් බවද WhatsApp හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම පෙන්වාදෙයි.
WhatsApp මගින් මෙලෙස ගිණුම් ඉවත් කර ඇත්තේ තම සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති අයකු විසින් සමූහයකට සම්බන්ධ වීම සඳහා ඉල්ලීම් යොමුකළ විට, ඒ ඔස්සේ සිදුවිය හැකි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව පරිශීලකයන් දැනුවත් කිරීම සඳහා නව වංචා-විරෝධී පියවරයන් දියත්කරන අතරතුර ය.
එවැනි වංචා සිදුවිය හැකි මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට පෙර ඊට අදාළ ගිණුම් ක්‍රියාකාරීව හඳුනාගෙන, ඒවා ඉවත්කළ බව ද WhatsApp නිවේදනය කර තිබේ.
එමෙන්ම සමාගම පවසන්නේ, එක් අවස්ථාවකදී එක් කාම්බෝජයේ ක්‍රියාත්මක අපරාධ කණ්ඩායමකට සම්බන්ධ වංචා කඩාකප්පල් කිරීම සඳහා WhatsApp – OpenAI සමඟ සම්බන්ධ වී කටයුතු කළ බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ මිනිසුන් රවටා ඩොලර් බිලියන ගණන් වංචා කරන වංචා මධ්‍යස්ථාන මියන්මාරය, කාම්බෝජය සහ තායිලන්තය වැනි අග්නිදිග ආසියානු රටවල සිට බහුලව ක්‍රියාත්මක වේ.
මෙම මධ්‍යස්ථානවලට වංචනික ලෙස පුද්ගලයන් බඳවා ගැනීම සිදුකෙරෙන අතර, අනතුරුව එලෙස බඳවාගන්නා පුද්ගලයන් බලහත්කාරයෙන් වංචා සඳහා පොළඹවනු ලබයි.
එබැවින් එවැනි වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස අග්නිදිග ආසියානු රටවල ජනතාව වැඩි වශයෙන් දැනුවත් කර ඇති අතර, එවැනි වංචා සඳහා බහුලව භාවිත කරන WhatsApp සමූහ සඳහා එක්වීම වළක්වා ගැනීම සඳහා එම සමාජ මාධ්‍ය ඔස්සේ හඳුන්වා දී ඇති සත්‍යාපන විශේෂාංගය වැනි වංචා-විරෝධී පියවර අනුගමනය කරන ලෙසයි.
නිදසුනක් ලෙස, සිංගප්පූරුවේ, පරිශීලකයින්ට පණිවිඩ යැවීමේ යෙදුම්වලින් ලැබෙන අසාමාන්‍ය ඉල්ලීම් ගැන ප්‍රවේශම් වන ලෙස පොලිසිය විසින් දැනුවත් කිරීම් සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart