
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය පනවා ඇති නව බදු සම්බන්ධ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් කෙටි කාලීනව විසඳගනු ලැබුවද දිගුකාලීන සැලසුමක් සකස් කළ යුතු බවට වන ස්ථාවරයේ සිට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම සාකච්ඡා පිළිබඳ තොරතුරු ඒ සඳහා සහභාගී වී සිටින නියෝජිත කණ්ඩායම විසින් ඉදිරියේදී ප්‍රකාශ කරනු ඇති බවයි.
කෙසේවෙතත් ජනමාධ්‍යවේදියකු එහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ සාකච්ඡා සම්බන්ධයෙන් රජය ප්‍රකාශ නිකුත් කළ ද අමෙරිකාව මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා නියෝජිත පිරිස කොපමණ කාලයක් අමෙරිකාවේ රැඳී සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් ද ඔහු එහිදී ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ, දෙරට අතර මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරෙන කාලය තමාට පැවසිය නොහැකි බවයි.
එමෙන්ම අදාළ සාකච්ඡා තවමත් අවසන් වී නොමැති බැවින් සාකච්ඡා අතරමැද ප්‍රකාශ නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart