
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළමු තරගයෙන් ලද පරාජයෙන් පන්නරය ලැබූ සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දැන් පැවැත්වෙන දෙවැනි 20/20 තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 104කට සීමා කිරීමට සමත් විය.
තරගයේ කාසිය වාසි දිනූ චමරි අතපත්තු පළමුව පන්දු රැකීම තෝරා ගත්තාය.
පළමු පන්දුවාරයේදීම Danni Wyatt දවා ගනිමින් තරගයේ පාලනය සියතට ගැනීමට චමරි සමත් විය.
එංගලන්තය වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වූයේ Charlie Dean පමණක් වූ අතර ඇය රැස් කළ ලකුණු 34 නොවන්නට ලකුණු සියයේ සීමාව ඉක්මවීමද ගැටලුවක් වන්නට ඉඩ තිබුණි.
චමරි ලබා දුන් ආරම්භය ඉනිම පුරාම පවත්වගෙන යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වූ අතර උදේශිකා, ඉනෝෂි, ඉනෝකා සහ කවීෂා කඩුලු 2 බැගින් දවා ගත්හ.
වර්ෂාවෙන් බාධා එල්ල වූ පළමු තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව ලකුණු 12කින් පරාජයට පත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart