
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනකු වන ජේසන් හෝල්ඩර්, නිකලස් පූරාන් සහ කයිල් මේයර්ස් සිය වාර්ෂික කොන්ත්‍රාත් සඳහා අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ.
ෆ්‍රැන්චයිස් ක්‍රිකට් සහ ලීග් ක්‍රිකට් තරගාවලි හේතුවෙන් අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් වෙත එළැඹීම ප්‍රතික්ෂේප කීරීමට ඔවුන් තීරණය කර ඇත.
කෙසේවෙතත්, කොන්ත්‍රාත්ගත ක්‍රිඩක ක්‍රිඩිකාවන් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණිඩලය ප්‍රකාශ කර ඇත්තේ ජේසන් හෝල්ඩර්, නිකලස් පූරාන් සහ කයිල් මේයර්ස් ඉදිරි පන්දුවාර 20 තරගාවලි සදහා සහභාගි කරගත හැකි වනු ඇති බවය.
කොදෙව් හිටපු ක්‍රීඩකයින් වන ක්‍රිස් ග්‍රේල්, ඩෙවොන් බ්‍රාවෝ සහ කිරන පොලාඩ් ද 2010 වසරේදි මෙලෙස වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරිම ප්‍රතික්ෂේප කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart