
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘එස් පාස්’ නමැති විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙළේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් ආණ්ඩු සමයේ අධිවේගී මාර්ගය භාවිත කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත් සමඟම තිත තැබීමට හැකිවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීපයට’ පවසා ඇත.
වසර ගණනාවක් තිස්සේ දිනකට වාහන 150-200 ත් අතර සංඛ්‍යාවක් මුදල් ගෙවීමකින් තොරව දිනකට ගමන් කිරීමෙන් රුපියල් ලක්ෂ ගණනාව අලාභයක් සිදු වී ඇති අතර මේ වනවිට රුපියල් කෝටි ගණනාවක අලාභයක් සිදුවී ඇතැයි එම නිලධාරියා සඳහන් කර තිබේ.
අධිවේගී මාර්ගයේ නොමිලයේ ගමන් කළ හැකි අය ලෙස ජනාධිපති, අගමැති, මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථවලට පමණක්ම බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පි .එම්. සූරිය බණ්ඩාර විසින් ගැසට්ටුවේ සඳහන් පරිදි ලබාදුන් ලිඛිත නියෝග අනුව සියලුම මුදල් අයකැමීවරුන් දැනුම්වත් කිරීමට පියවර ගත් බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පී.එච්. ගුණසිංහගෙන් අප කළ විමසීමකදී සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart