
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිපැන්න පොලිස් වසමේ විහාරස්ථානයක හිමිනමක් තරුණ රූමත් කතුන් තිදෙනෙකු සමඟ ගිහි ඇඳුමින් සැරසී විනෝද චාරිකවක් ගොස් සිටියදී දායක සභාවේ ගම්වැසියන් කීපදෙනකු දැකීමෙන් පසු ඇතිවූ විරෝධතාවක් හේතුවෙන්, එම විහාරාධිපති හිමියන් පෙරේදා (29) පන්සල හැරගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.
විහාරාධිපති හිමියන් කතුන් තිදෙනෙකු සමඟ ගිහි ඇඳුමින් සැරසී විනෝද චාරිකවකට ගොස් සිටියදී, එම දිනයේම ගම්වාසී තරුණයන් කිහිපදෙනකුද කතරගම ප්‍රදේශයේදී ඔවුන්ව දැක තිබේ.
එම තරුණයන් ගෙන තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශන ෆේස්බුක් සමාජ මාධ්‍යජාලය ඔස්සේ පළ කිරීමට පියවර ගෙන තිබේ.
එම හිමියන් විනෝද චාරිකාව අවසන් කර විහාරස්ථානට පැමිණෙන්නටත් පෙර විහාරස්ථානයේ දායකයන්ට එය නිරීක්ෂණය වී පෙරේදා (29) එම විහාරස්ථානය ඉදිරිපිට උන්වහන්සේට දැඩි විරෝධයක් පළකෙරෙණි.
එදින රාත්‍රියේම හිමිනම විහාරස්ථානයෙන් පිටව ගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.
එම කතුන් තිදෙනා සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුවනු ඇතැයි පොලිසිය කියයි.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart