July 29, 2025

සංවිධානාත්මක අපරාධකරුවකු වන සහන් සිසි කැලුම් නොහොත් ‘වැලිගම සහන්’ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඔහු ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති අතර, ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැලිගම සහන් ලෙස හඳුන්වන මෙම පුද්ගලයා පානදුර සහ කළුතර ප්‍රදේශවල සිදු වූ වෙඩිතැබීමේ සිදුවීම් දෙකක මෙන්ම මට්ටක්කුලිය ප්‍රදේශයේ ‘පත්තේ සුරංග’ නම් පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව වාර්තා වී තිබේ.

ඔහු කොන්ත්‍රාත් ඝාතකයකු බවට ද වාර්තා වේ.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කලුතර කොට්ඨාශ අපරාධ අංශයට භාර දී ඇත.