July 14, 2025

සිය පියා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගත්ත ද නොගත්ත ද වත්මන් ආණ්ඩුව පෙරළාදමන බව චතුර සේනාරත්න පවසයි.

“අපි අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව පෙරළනවා. මගේ තාත්තා අත්අඩංගුවට ගත්තත් නැතත් මේ ආණ්ඩුව පෙරළනවා,” යනුවෙන් ඔහු ජනමාධ්‍ය හමුවේ පැවැසීය.

ඔහුගේ පියා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකර ඇති පසුබිමක ඔහු මෙම අදහස් පළකළේය.

රජයට මිලියන 26.2 ක පාඩුවක් සිදුවූ බව පැවසෙන වැලි ගොඩදැමීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත ඉදිරිපත් කර තිබේ.