
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රි ධුරය බලහත්කාරයෙන් ලබාගැනීමට අතුරලියේ රතන හිමියන් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන්ව පැහැරගෙන ගොස් මරණ තර්ජන කළ බව එම පක්ෂයේ හිටපු මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් අධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්රකාශයේ දැක්වේ.
2020 අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්රි ධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන් අධිකරණයට කැඳවා තිබිණි.
එහෙත් අධිකරණය මඟහැරීම නිසා පසුගිය අගෝස්තු 18 වැනිදා ගංගොඩවිල මහෙස්ත්රාත් අධිකරණයෙන් උන්වහන්සේට වරෙන්තු නිකුත් කෙරිණි.
වරෙන්තු නිකුත් කිරීමෙන් පසුවද, සැඟවී සිටි රතන හිමියන් 29 වැනිදා උදෑසන ගංගොඩවිල මහෙස්ත්රාත් අධිකරණයට භාර වූ අතර, ඉන්පසු උන්වහන්සේව ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
තමන්ව පැහැරගෙන ගිය පිරිස අතුරලියේ රතන හිමියන්ගේ සහ දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග අනුව කටයුතු කරමින් හිස් කොළ කිහිපයකට අත්සන් ගත් බව ද වේදිනිගම විමලතිස්ස හිමියන් පවසා තිබේ.
විමර්ශන අංශ මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කර ඇති අතර, ඒ අනුව අධිකරණයට කරන ලද කරුණු වාර්තා කිරීම් මත අතුරලියේ රතන හිමියන්ට නියෝග නිකුත් කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart