
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ මාලදිවයින අතර පවතින උණුසුම්කාරී තත්ත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයශංකර් සමග අද දිනයේ සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ.
ඒ, උගන්ඩාව බලා ගොස් සිටින ජනාධිපතිවරයා ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයශංකර් සමග පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡාවලදීය.
උගන්ඩාවේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව මාලදිවයිනේ විදේශ කටයුතු ඇමැතිවරයා වන Moosa Zameer හමුවූ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ද සියලු රටවල් වෙනුවෙන් කලාපීය සාමය සහ ස්ථාවරත්වයේ අවශ්‍යතාව අවධාරණය කළ බව වාර්තා වේ.
කලාපීය සාමය සඳහා වන අවශ්‍යතාව මත ඉන්දියාව සහ මාලදිවයින අතර ආතතිය සමනය කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව විවෘතව සිටින බව ඔහු ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාව සහ මාලදිවයින අතර ආතතිය පළමුව ඇවිලී ගියේ මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසුගේ තේරී පත්වීමෙන් පසුව, ඔහු චීනයට ගැති ප්‍රතිපත්තියක් වෙනුවෙන් විවෘතව පෙනී සිටිමින් චීනය සමඟ වඩා හොඳ සබඳතා ඇති විදේශ ප්‍රතිපත්තියක් සඳහා තම රට හැර යන ලෙස ඉන්දීය හමුදාවලට දැනුම්දීමත් සමගය.
සංචාරක කර්මාන්තය එහි ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සළකන රටක් වන මාලදිවයින සමඟ ඉන්දියාව පසුව රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති කිරීමට හේතුවූයේ ජනවාරි 4 වැනි දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ලක්ෂද්වීප්හි ඉන්දියාවේ වෙරළ තීරයේ සුන්දරත්වය ප්‍රශංසා කරන ලද සමාජ මාධ්‍ය පළකිරීම්ය.
සමාජ මාධ්‍ය පළකිරීම්වලින් අනතුරුව මාලදිවයිනේ කනිෂ්ඨ ඇමැතිවරුන් තිදෙනෙකු ඉන්දීය අගමැතිවරයා විවේචනය කර තිබිණි.
එය සංචාරක ගමනාන්තයක් ලෙස මාලදිවයින වර්ජනය කරන ලෙස ඉන්දීය සමාජ මාධ්‍ය භාවිත කරන්නන් විසින් ඉල්ලීම් කරන තත්ත්වයට පත්වීමටත් හේතුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart