
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්තල ප්‍රදේශයේ පදිංචි “ඉමා” නමැති 27 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය දිනවල මීගමුව සහ දුනුමල ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලට ද ඇයගේ ඇති සම්බන්ධය පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.
ජූලි 14 වැනිදා දුනුමල ප්‍රදේශයේ සහ අගෝස්තු 12 වැනිදා මීගමුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම්වලට වගකිවයුතු පුද්ගලයන් වෙත ගිනි අවි ප්‍රවාහනය කිරීමට ඇය පහසුකම් සලසා ඇතැයි විශ්වාස කෙරේ.
ඇය සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සහ දැනට ඩුබායි හි ක්‍රියාකාරිකයෙක් වන ‘කලණ’ ගේ මගපෙන්වීම යටතේ ක්‍රියාකර ඇති බව වාර්තා වේ.
ගනේමුල්ල සංජීවගේ ගෝලයෙක් ලෙස කලණ හැඳින්වේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය රාගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ‘ඉමා’ අත්අඩංගුවට ගෙන ඇත.
මෙහෙයුමේදී ඇය සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 05ක් සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඇය රාගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart