
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිදහස් දිනය ‘කළු දිනයක්’ ලෙස පවසමින් කිලිනොච්චි ඉරණමඩු ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ උතුරේ දේශපාලන නායකයන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
විරෝධතාවයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් 5 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
ජනමාධ්‍ය නිදහස සීමාකිරීම, භාෂණයේ නිදහස සීමාකෙරෙන පනත් පැනවීම ආදි විවිධ හේතූන් මත නිදහස් දිනය සැමරීමට නිසි තත්ත්වයක් රට තුළ නොමැති බව විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබිණි.
මෙම විරෝධතාවට ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක එස්.ශ්‍රීධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් ද එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart