
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ මොහොතේ රටේ පාලන බලය ලබාදීම සඳහා සුදුස්සන් සොයාබලන්නේ නම්, ඒ සඳහා නුසුදුසුකම් අතින් අවම කණ්ඩායමක් ලෙස සළකා ඡන්දය ලබාදිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව ජනප්‍රිය ගී පද රචක වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ, පසුගිය වර ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දී මේ වන විට අනුර කුමාර දිසානායක වටා රැස්ව සිටින පිරිස හේතුවෙන් මාළිමාවට ඉදිරියේදී බරපතළ ප්‍රතිවිපාකවලට් මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
මියගිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී පසුගිය කාලයේ රාජපක්ෂ කඳවුර සමග කටයුතු කිරීම පිළිබඳව අදහස් පළකර ඇති දුක්ගන්නාරාළ පෙන්වා දී ඇත්තේ, එක අවස්ථාවක ඔහු රාමුව ඉක්මවා කටයුතු කිරීමට යෑම හේතුවෙන් කලාකරුවකු ලෙස ගොඩනංවාගෙන තිබූ ඔහුගේ ප්‍රතිරූපයට බරපතළ හානියක් සිදුකර ගත් බවයි.
මේවා මෙරට පවතින ක්‍රමවේදය තුළ සියලුම කලාකරුවන් මුහුණ දෙන අභියෝග බවද ඔහු සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart