
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරගලය පැවති සමයේ දී රාජපක්ෂවරුන්ගේ නිවාස හා දේපළ ගිනි තැබීම්වලින් ආරක්ෂා කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කළ රාජපක්ෂවරුන්ගේ සමීපතමයකු බව කියන අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා‘ නමැත්තා සහ ඔහුගේ 6 හැවිරිදි දියණිය මිද්දෙණියේ දී පෙරේදා (18) රාත්‍රීයේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇත.
මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහුගේ 9 හැවිරිදි පුත්‍රයාද රෝහල්ගත කර සිටියදී මියගිය බව මිද්දෙණිය පොලිසිය සඳහන් කළේය.
රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයකු ලෙස මිද්දෙණිය හා තංගල්ල හොල්ලාගෙන සිටි “කජ්ජා” මෑතක දී රාජපක්ෂවරුන් සමඟ අමනාපයෙන් සිට ඇති බව ද සඳහන්ය. ඒ සම්බන්ධයෙන් ඔහු යූටියුබ් නාළිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවේදී ද හෙළිකර තිබිණි.
තමාව ඝාතනය කිරීමට සූදානමක් ඇති බවත් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයකුට කොන්ත්‍රාත්තුව දී ඇති බවත් ඔහු එහිදී පවසා ඇත.
අරගලයෙන් පසු දේශපාලනික වශයෙන් වෙනත් කණ්ඩායමකට සම්බන්ධ වී ඇති ඔහු යම් දේශපාලන පක්ෂයක කොළඹ පිහිටි කාර්යාලයකත් සැඟවී සිට ඇති බවට තොරතුරු ද පසුගිය කාලයේ කියැවිණි.
මෙම පුද්ගලයා සතුව ගිනිඅවි ඇති බවට පවා පොලීසියට තොරතුරු ලැබී තිබුණි. විවිධ අපරාධ සම්බන්ධයෙන් පසුගිය කාලයේ මොහුව තංගල්ල හා මාතර දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි මහේෂ් සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ද ගෙන තිබිණි.
මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ඌව පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින්නේ මහේෂ් සේනාරත්න ය. ‘කජ්ජා‘ අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මහේෂ් සේනාරත්න සමඟ අදාළ දේශපාලන බලඅධිකාරිය යම් අසතුටකට පත්ව සිට ඇති බව ද සඳහන්ය.
පොලිස් අත්අඩංගුවට ගත් ‘කජ්ජා‘ව නිදහස් කිරීමට එකී දේශපාලන අධිකාරිය අපොහොසත් වීම හේතුවෙන් ‘කජ්ජා‘ එම දේශපාලන අධිකාරිය සමඟ හිත් අමනාපයක් ඇති කරගෙන සිට ඇති බවත් තතු දත් තොරතුරු සඳහන් කළේය. යූටියුබ් නාළිකාව සමඟ ඔහු සාකච්ඡාවක් පවා පවත්වන්නේ එම සිදුවීම් ද මුල්කරගෙනය.
‘කජ්ජා‘ තිදරු පියෙකි. බිරිය විදේශගතව සිටින අතර මිද්දෙණියේ ගල්පොත්ත යායේ සිය දරුවන් සමඟ ඔහු පදිංචිව සිට ඇත.
තම දරු තිදෙනා සමඟ රාත්‍රි ආහාරය සඳහා කොත්තුවක් මිල දී ගැනීමට නිෙවස අසල හෝටලයකට පෙරේදා (18) රාත්‍රියේ ගොස් වැඩිමහල් දරුවා කොත්තුව දමන තුරු හෝටලය අසල නවත්වා යෝගට් 5කුත් රැගෙන කුඩා දරු දෙදෙනා නිවෙසට ඇරළවීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී ඔහුව ඉලක්ක කරගෙන වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය කියයි.
යතුරුපැදියකින් පැමිණ ටී 56 අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි විමර්ශනවලින් පෙනීගොස් තිබේ. වෙඩි පහරවල් රැසක් 40 හැවිරිදි කජ්ජාට වැදී ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් ඇත.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 6 හැවිරිදි දියණිය වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ. වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට මාරුකර යැවීමෙන් පසු දියණිය ජීවිතක්ෂයට පත්ව ඇත. වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 9 හැවිරිදි විදානගමගේ කලිඳු අමේෂ් නමැති පිරිමි දරුවා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබේ. පසුව එම දරුවාද මරණයට පත්ව තිබේ.
ඝාතනය වූ පුද්ගලයාට එරෙහිව ටී 56 ගිනි අවියක් බලපත්‍ර නොමැතිව ළඟ තබාගැනීම ඇතුළු අනවසර ගිනිඅවි ළඟ තබාගැනීමේ නඩු කිහිපයක් සහ සූදුපිටි කොල්ලකෑමේ නඩු කිහිපයක් අධිකරණවල විභාගයට ගැනෙන බව පොලීසිය සඳහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart