
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන මස 02 වැනිදා ආරම්භ වන T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු පුහුණු තරගය අද පැවැත්වීමට නියමිතය.
අමෙරිකාවේ – ලෝඩර්හිල් හිදී මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වන එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සමග තරග වදිනු ඇත.
වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වන දෙවැනි පුහුණු තරගය අයර්ලන්තය සමග ලබන 31 වැනිදා පැවැත්වේ.
ඉන්දියාව සහභාගී වන පුහුණු තරගය බංග්ලාදේශයට එරෙහිව ලබන මස පළමු වැනිදා පැවැත්වෙන්නේ නිව්යෝර්ක් හිදීයි.
අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන T 20 ලෝක කුසලාන තරගාවලිය ලබන මස 02 වැනිදා ආරම්භ වන්නේ කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart