December 16, 2025

IPL වෙන්දේසියේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 2 කට මිලදී ගෙන තිබේ.

එය ඔහුගේ පෙර IPL මිලදීගැනීම්වලට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අගය අඩුවීමකි.

අන්තර්ජාතික ක්‍රිකට් සහ IPL යන අංශ දෙකෙහිම කැපීපෙනෙන දක්ෂතා දැක්වූ වනිඳු හසරංගට මීට පෙර පැවැති IPL වෙන්දේසිවලදී ඉහළ මිලක් නියම කර තිබිණි.

පාදඟ පන්දු යවන්නකු සහ පිතිකරුවකු ලෙස ඔහු දක්වා ඇති දක්ෂතා හේතුවෙන් මෙවර IPL වෙන්දේසියේදී ඔහුට අඩු අගයක් නියම විම බොහෝදෙනා මවිතයට පත්කර තිබේ.