
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ 38 හැවිරිදි කේ. නාලනී ශ්‍රී ලාංකික සරණාගතයන් සඳහා වූ කොට්ටපත්තු කඳවුරේ ඡන්ද බලය පාවිච්චි කළ ප්‍රථම ඉන්දියානු ජාතිකයා බවට පත් විය.
ශාන්ත ලූර්ඩ්ස් ප්‍රාථමික පාසලේ දී ඇය සිය ඡන්දය ප්‍රකාශකර තිබේ.
1986 අප්‍රේල් මාසයේදී මණ්ඩපම්හි පිහිටි ශ්‍රී ලංකා සරණාගත කඳවුරේ උපත ලැබූ නාලනීගේ මව්පියන් ඉන්දියානුවන්ය.
ඇගේ පවුලේ පරම්පරා ගණනාවක් තේ වතුවල වැඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබේ.
ඇය උපන් වර්ෂය 1950 ජනවාරි 26 සිට 1987 ජූලි 1 අතර වූ බැවින් ඇයට පුරවැසිභාවය ප්‍රදානය කර ඇත.
ඒ ඉන්දියාවේ උපන් අය ඉන්දියානුවන් ලෙස ස්වයංක්‍රීය ස්වභාවිකකරණය සඳහා සුදුසුකම් ලබා දීම යටතේය.
2022 සැප්තැම්බරයේදී නාලනී මදුරාසි මහාධිකරණය හමුවේ ඇය ඉන්දීය පුරවැසියකු බව තහවුරු කර ඇත.
ඇය තිරුචි ලෝක් සභා මැතිවරණ කොට්ඨාසයට අයත් තිරුචි (නැගෙනහිර) සභා බල ප්‍රදේශයේ ඡන්දදායිකාවක ලෙස ලියාපදිංචි වී ඇති අතර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මදුරාසි මහාධිකරණයේ මදුරෙයි විනිසුරු මඩුල්ල වෙත ගොස් තිබේ.
එය ඇයට හිමිවුණේ ඇය නඩුවෙන් ජයගත් පසුවය.
ඊ සේවා මධ්‍යස්ථානයක් හරහා ඇය ඡන්ද හිමි හැඳුනුම්පතක් සඳහා ඉල්ලුම් කළ අතර එය නියමිත වේලාවට තැපෑලෙන් ලැබී තිබේ.
“අද ඡන්දය ප්‍රකාශ කිරීම ගැන මට ආඩම්බරයක් දැනෙනවා, කවුරු බලයට ආවත් අපේ ජනතාවගේ හඬට ඇහුම්කන් දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් නාලනී ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart