
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වීසා ලබාදීම පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
විශාල ගැටළුවක්ව පැවති වීසා ලබාගැනීම පිළිබඳ ප්‍රශ්නයට ගෙවීගිය පැය 24 තුළ විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් පවසා ඇත්තේ වීසා ලබාදීමේ පහසුකම VFS ආයතනයට ලබාදීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වූ බවයි.
විශේෂයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබාගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවූ බව ද අමාත්‍යවරයා පවසා ඇත.
එබැවින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවීගිය පැය 24ක කාලය තුළ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවත්, ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වීසා පහසුවෙන් ලබාගැනීමේ හැකියාව හිමිවන බවත්, මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම දැන් විදේශිකයන්ට ඉතා පහසුවෙන් කරගත හැකි බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart