
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක හරිස් රවුෆ් ක්‍රිකට් රසිකයෙකු සමඟ ඇතිකරගත් ගැටුමක වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචලිත වී ඇත.
වීඩියෝව වේගයෙන් පැතිර ගොස් ඇති අතර, රවුෆ් මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, අදාළ පුද්ගලයා සිය පවුලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බවයි.
“අපට සහයෝගය දැක්වීමට හෝ විවේචනය කිරීමට ඔවුන්ට අයිතියක් ඇත. එසේ වුවද, මගේ දෙමාපියන් සහ මගේ පවුලේ අය සම්බන්ධයෙන් ගත් කල, ඒ අනුව ප්‍රතිචාර දැක්වීමට මම පසුබට නොවෙමි. සිය වෘත්තීන් නොසළකා මිනිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ගෞරවය දැක්වීම වැදගත් ය, ”රවුෆ් සිය X පණිවියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ, රවුෆ් හෝටලයක් අසල මාර්ගයකදී පුද්ගලයකුට පහරදීමට දිවයන ආකාරයයි.
එහිදී පිරිසක් ඔහුව වළකමින් ගැටුම පාලනය කරනු ලබති.
හරිස් රවුෆ් ලෝක කුසලාන T20 තරගාවලියට සහභාගී වීම සඳහා එක්සත් ජනපදයට ගොස් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart