November 5, 2025

මස්කෙළිය වැවිලි සමාගම විසින් පවත්වාගෙන යනු ලබන මාවුස්සාකැලේ තේ කර්මාන්ත ශාලාවේ සේවකයකු ඊයේ අලුයම තේ සැකසුම් යන්ත්‍රයක් තුළ සිරවී මියගොස් ඇත.

කිට්නන් විජේජකුමාර් (49) ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා දෙදරු පියෙකි.

සිද්ධියෙන් ඔහු බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගිය බව වාර්තා වේ.

මස්කෙළිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.