December 4, 2025

ප්‍රවීන නළු නිහාල් ප්‍රනාන්දු අද උදෑසන රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කළේය.

වේදිකා නාට්‍ය, රූපවාහිනිය සහ සිනමාව සඳහා වසර ගණනාවක් පුරා දායක වූ නිහාල් ප්‍රනාන්දු පසුගිය දින කිහිපය තුළ රෝගාතුරව සිටියේය.

ඔහුගේ දේහය අද සවස 7.00 සිට රාජගිරියේ ද ලාස්ට් ඔනර් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කිරීමට නියමිතව තිබිණි.

ආදාහනය හෙට, දෙසැම්බර් 05 වන දින සවස 5.30 ට බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ.