
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන බෞද්ධ නිකායන්හි ප්‍රධාන නාහිමිවරුන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා ඇත්තේ, බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේට සම්බන්ධ බව කියන පුරාණ මැණික් සහ ආභරණ එකතුවක් වෙන්දේසිය නතර කිරීමට මැදිහත් වන ලෙසයි.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා වෙත යොමුකරන ලද ලිපියක, හොංකොං හි සොතෙබි වෙන්දේසි මධ්‍යස්ථානයේ ඇති මෙම කෞතුක වස්තු විකිණීමට සැලසුම් කිරීම පිළිබඳව නාහිමිවරු දැඩි කනස්සල්ල පළකර ඇත.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් වෙතින් සොයාගත් බවට වාර්තා වන ධාතූන් වහන්සේ බුදුන් වහන්සේට අදාළ වඩාත්ම අසාමාන්‍ය පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් එකක් ලෙස විස්තර වේ.
ඒ බව වෙන්දේසිකරුවන් වන, සොතෙබිස් හි සභාපති සහ ආසියානු කලාවේ කැපීපෙනෙන චරිතයක් වන නිකොලස් චව් ඇතුළු විශේෂඥයෝ පවසති.
එවැනි අධ්‍යාත්මික වශයෙන් වැදගත් කෞතුක වස්තු මහජන අලෙවියට තැබීම ලෝක උරුමයට පාඩුවක් සහ ගෝලීය බෞද්ධ ප්‍රජාවන්ට ගැඹුරු අපහාසයක් බව නාහිමිවරු පෙන්වාදෙති.
“බෞද්ධයන් ලෙස අපට අපගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයාට සම්බන්ධ ඕනෑම ආකාරයක වස්තුවක් කෙරෙහි චිත්තවේගීය හා ආගමික වටිනාකමක් ඇත,” යනුවෙන් ලිපියේ සඳහන් වන අතර, එවැනි ධාතු ශ්‍රී ලංකාවේ පමණක් නොව බෞද්ධ ලෝකය පුරා වන්දනාමාන කරන බව වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවේ ආගමික පිළිවෙත් පිළිබඳව මහකොමසාරිස්වරයාගේ දැනුවත්කම උපුටා දක්වමින්, මෙම විකිණීම වැළැක්වීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් ඉල්ලා මහානා හිමිවරු සිටිති.
මෙම කෞතුක වස්තුවල ‘මැනිය නොහැකි අධ්‍යාත්මික වැදගත්කමක්’ ඇති බව විස්තර කරන මහානාහිමිවරු, ගෝලීය උරුමය සහ ආගමික ගෞරවය සඳහා ඒවා සංරක්ෂණය හා ආරක්ෂා කිරීම ඉල්ලා සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart