
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ කළ බවට අනුරාධපුරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(07) නියෝග කළේය.
රාජාංගණයේ සද්ධාරතන හිමි අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි 28වැනිදාය.
මෙම භික්ෂූන් වහන්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශ වලින් ජාතීන් අතර නොසන්සුතාවක් ඇති වීමේ
ඉඩකඩක් පවතින බවට ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් එදින රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර
ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේය.
ආගමික සංහිඳියාවට හා බුද්ධ ශාසනයට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාහියංගල ආනන්ද
සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart