
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට ජනාධිපති ලේකම් කාර්යාලය සතුව ඇති වාහන 833 න් වාහන 29ක් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවන බවට අනාවරණ වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබාදී ඇත.
පසුගිය ආණ්ඩුවල නියෝජිතයන් සහ නිලධාරීන් විසින් භාවිත කළ සුඛෝපභෝගී වාහන අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සඳහා පමණක් යළි අනුයුක්ත කරන ලෙස ද ජනාධිපතිවරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.
අද (26) ගාලු මුවදොරදී පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart