
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙසක් පොහොය නිමිත්තෙන් වාහන අළුත්වැඩියා කිරීමේ දන්සලක් අද(15) සහ හෙට(16) පැවැත්වේ.
ඒ නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීය.
එම දන්සැල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ විසින් විවෘත කිරීමට නියමිත අතර පෙරවරු 9:30 ට ආරම්භ වන දන්සල පස්වරු 3:00 දක්වා පැවැත්වේ.
මෙම දන්සැලේදි යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා නොමිලේ අලුත්වැඩියා සේවාවන් සපයනු ලැබේ.
මෙරට භාවිතයේ පවතින රථවාහනවලින් වැඩි ප්‍රමාණයක් එම වාහන ද්විත්වය වන අතර, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඒවා බොහෝ විට ක්රමානුකූල නඩත්තුවකින් තොර වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හානිකර විමෝචන ඇති වේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ වාහන විමෝචන භාර අරමුදල විසින් සංවිධානය කරන ලද මෙම දන්සල මෙම ගැටලුව විසඳීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබයි.
එහි සේවා සැපයීම සඳහා මෙරට වඩාත්ම පළපුරුදු වාහන කාර්මික ශිල්පීන් පිරිසක් ද සහභාගී වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දන්සල වෙතින් ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, අනවශ්‍ය ඉන්ධන වියදම් අවම කිරීම සහ හානිකර වායු විමෝචනය අවම කිරීමට බලාපොරොත්තු වන අතර රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මෙම දන්සල ක්‍රියාත්මක කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart