
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට වාහන ආනයනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ට සහ වාහන ගෙන්වීමට බලපාන විශේෂ තීරණයක් රජය විසින් ගෙන තිබේ.
ඒ අනුව, තෝරාගත් මෝටර් රථ ආනයනයේදී පනවා තිබූ 50%ක තාවකාලික රේගු ආනයන බදු අධිභාරය (Surcharge) 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කරන ලද අලුත්ම නියෝගයකට අනුව මෙම සංශෝධනය සිදුකර තිබේ.
අගෝස්තු 13 වැනි දිනැති අංක 2501/88 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කළ මෙම නියෝගය අගෝස්තු 15 වනදා සිට ක්‍රියාත්මක වේ.
පෙට්‍රල්, ඩීසල්, හයිබ්‍රිඩ් සහ විදුලි එන්ජින් සහිත මගී ප්‍රවාහන රථ ඇතුළු තෝරාගත් මෝටර් රථ කාණ්ඩ රැසක් සඳහා මෙම 50% අධිභාරය සාමාන්‍ය සහ මනාප (General & Preferential) තීරුබදු පදනම් දෙක යටතේම අදාළ වේ.
2026 මැයි 15 දිනට හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර පත් (LC) මෙම අධිභාරයෙන් නිදහස් හිමිවනු ඇත.
කෙසේවෙතත්, මැයි 15ට පෙර LC විවෘත කළද පහත අවස්ථාවලදී මෙම 50% අධිභාරය අය කිරීමට කටයුතු කෙරේ:
එනම්, අදාළ ණයවර පත්වල වාහන අංක, හඳුනාගැනීමේ අංක (Chassis/ID), විස්තර, තාක්ෂණික පිරිවිතර හෝ කල්ඉකුත්වීමේ දිනයන් පසුව සංශෝධනය කර ඇත්නම්,
නැව්ගත කිරීමේ ලේඛනයේ (Bill of Lading) හෝ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ලේඛනයේ (Airway Bill) සඳහන් Shipped-on-board දිනය 2026 නොවැම්බර් 15 දිනට පසුව යෙදී ඇත්නම්.
ශ්‍රී ලංකා රේගුව විසින් මෙම නව නියෝගය සම්බන්ධයෙන් සියලුම නිලධාරීන් දැනුවත් කර ඇති අතර, අගෝස්තු 15 සිට ක්‍රියාත්මක වන පරිදි නව බදු නීති අදාළ කර ගැනීමට කටයුතු යොදා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart