
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්ත කණ්ඩායම සමග හෙට (13) ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වනිඳු හසරංගගේ සහභාගිත්වය අවිනිශ්චිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව, දුෂාන් හේමන්ත නවසීලන්තය සමග එක්දින තරගාවලියට කැදවනු ඇති බව වාර්තා වේ.
දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය 10 වැනිදා නවසීලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර 20 තරගයේදී මස්පිඬු ආබාධයකට වනිඳු හසරංග ලක්විය.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ද, වනිඳු හසරංග එක්දින තරගාවලියට සහභාගිවිම සම්බන්ධයෙන් නිශ්චිත තහවුරුවක් සිදුකර නොමැති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
නිමාවූ තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් වනිඳු කඩුලු 06ක් බිඳහෙළන ලදී.
නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය හෙට පස්වරු 2:30ට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart